හමාස් යුද ගැටුම් මැද ඊශ්‍රායල අගමැතිගෙන් ලෙබනනයටත් අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලය සමඟ දෙවන යුද පෙරමුණක් විවෘත කිරීමට එරෙහිව ලෙබනනයේ බලවත්ම හමුදා බලකාය වන හිස්බුල්ලා සංවිධානය වෙත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබෙනවා.

එය එසේ වුවහොත් එය “ජීවිතයේ වැරැද්දක්” බවට පත් වනු ඇති බවයි ඔහු හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවා ඇත්තේ.

එය ලෙබනනයට “විනාශයක්” ඇති කරන “හිතාගත නොහැකි” ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර ගෙන එන බවයි ඔහු පවසන්නේ.

ලෙබනනයේ දේශසීමාවේ හමුදා අමතමින් නෙතන්යාහු කියා සිටියේ ඊශ්‍රායලය දකුණේ ජයග්‍රහණය සඳහා සටන් කරන අතරතුර උතුර සතුරා අල්ලාගෙන සිටින බවයි.

ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ තවත් සටන් පෙරමුණක් විවෘත කිරීමට එරෙහිව එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයට දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල ජාතිකයන් 1,400ක් මරා දැමූ හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව රට තුළ විවාදයක් ඇවිළී යද්දී, හිටපු ඊශ්‍රායල හමුදා, දේශපාලන සහ බුද්ධි අංශ නිලධාරීන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වය පිළිබඳව සැකපළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල හිටපු අගමැති එහුඩ් බරක් හමාස් ත්‍රස්ත ප්‍රහාරය විස්තර කළේ ඊශ්‍රායලය පිහිටුවීමේ සිට මේ දක්වා විඳි දරුණුතම පහර මෙය ලෙසයි.

එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියෙකු පැවසුවේ නෙතන්යාහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
5
+1
2
+1
7
+1
9
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?