හමාස් යුද ගැටුම් මැද ඊශ්‍රායල අගමැතිගෙන් ලෙබනනයටත් අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලය සමඟ දෙවන යුද පෙරමුණක් විවෘත කිරීමට එරෙහිව ලෙබනනයේ බලවත්ම හමුදා බලකාය වන හිස්බුල්ලා සංවිධානය වෙත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබෙනවා.

එය එසේ වුවහොත් එය “ජීවිතයේ වැරැද්දක්” බවට පත් වනු ඇති බවයි ඔහු හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවා ඇත්තේ.

එය ලෙබනනයට “විනාශයක්” ඇති කරන “හිතාගත නොහැකි” ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර ගෙන එන බවයි ඔහු පවසන්නේ.

ලෙබනනයේ දේශසීමාවේ හමුදා අමතමින් නෙතන්යාහු කියා සිටියේ ඊශ්‍රායලය දකුණේ ජයග්‍රහණය සඳහා සටන් කරන අතරතුර උතුර සතුරා අල්ලාගෙන සිටින බවයි.

ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ තවත් සටන් පෙරමුණක් විවෘත කිරීමට එරෙහිව එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයට දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල ජාතිකයන් 1,400ක් මරා දැමූ හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව රට තුළ විවාදයක් ඇවිළී යද්දී, හිටපු ඊශ්‍රායල හමුදා, දේශපාලන සහ බුද්ධි අංශ නිලධාරීන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වය පිළිබඳව සැකපළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායල හිටපු අගමැති එහුඩ් බරක් හමාස් ත්‍රස්ත ප්‍රහාරය විස්තර කළේ ඊශ්‍රායලය පිහිටුවීමේ සිට මේ දක්වා විඳි දරුණුතම පහර මෙය ලෙසයි.

එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියෙකු පැවසුවේ නෙතන්යාහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14