හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් ඊයේ (13) කොළඹ සිටි සෙන්ටර්හි දි සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමින්.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සහ ගෝලීය වශයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කළා.

විවිධ රටවලින් සහ සංවිධානවලින් හෙලාදැකීමට ලක්වෙමින් මිලියනයකට අධික ජනතාවකට ගාසා තීරයේ දකුණු ප්‍රදේශය දක්වා ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය විසින් කළ ඉල්ලීම ද ඇතුළු මෑත කාලීන තත්ත්වය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මතු කර දක්වනු ලැබුවා.

“බොහෝ මැද පෙරදිග සහ අනෙකුත් මුස්ලිම් රටවල් විසින් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය හෙළා දැකිය යුතු බවට ප්‍රකාශ කළා. සමහරු කිව්වා, නැහැ ඊශ්‍රායලය තමයි මෙතන වින්දිතයා කියලා. අපි ඇත්තටම බලමු මොකද්ද මේකේ තේරුම කියලා. ප්‍රහාර එල්ල කිරීම දැනට අවසන් වෙලා තිබෙනවා. ඒ වගේම ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඊශ්‍රායලයට ගොස් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැන් ඊශ්‍රායලය කියනවා ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන මිලියනයකට අධික ජනතාවට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට වහාම පිටත්වෙන්න කියලා. දැන් මෙම තත්ත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පමණක් නොව අප්‍රිකානු රටවලින් සහ සමහර යුරෝපීය රටවලින් පවා හෙළා දැකීමට ලක්ව තිබෙනවා.”

“මීළඟට සිදුවෙන්න යන්නේ මොකක්ද? ගාසා තීරයේ සිටින වැසියන්ට ඉන් ඉවත් වෙන්න කියන එකෙන් අදහස් වෙන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුල්වීමට සූදානම් කියන එකයි. ඇයි ගාසා තීරයෙන් මිනිස්සු ඉවත් කළේ? ගාසා තීරයට බෝම්බ දැම්මේ ඇයි? මම කියන්නේ එය අරමුණක් ඇතුව කරපු දෙයක්. මම හිතන්නේ නැහැ ඊශ්‍රායලය නිකම්ම රස්තියාදු වුණා කියලා. ඔවුන් සිතුවේ ගාසා තීරයේ ගොඩනැගිලිවලට බෝම්බ හෙළා ඒවා බිම හෙළීම හමාස් සටන්කාමීන් සැඟවී සිටින ස්ථාන විනාශ කිරිමේ පළමු අදියර බවයි. ඉතින් ඔවුන් ගාසා තීරයට ගිහින් හමාස් සංවිධානයේ සාමාජිකයන් හොයාගෙන එතන සටනක් ඇති වුණොත් එක ප්‍රශ්නයක්. ඊශ්‍රායලය මෙහෙම කරනවා කියලා හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලය තුළට කඩා වැදුනොත් මොකද වෙන්නේ? ඒක කුරිරු ඝාතනයක්. මම කියන්නේ ඒක සමූල ඝාතනයකටත් වඩා වැඩි දෙයක්. ”

“ඇමරිකා එක්සත් ජනපදයට යුක්‍රේනයේ, තායිවානයේ, මැද පෙරදිග සහ ගාසා තිරයේ ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කරන්න පුළුවන් ද? මම නම් හිතන්නේ නැහැ.

මධ්‍යධරණී මුහුදේ ගුවන් යානා රැගෙනයන නාවුක යාත්‍රා සහිත ඛණ්ඩයන් දෙකක් ස්ථානගත කරන්න යනවා නම්, ඒක බරපතල තත්ත්වයක්. ඒක කළමනාකරණය කරන්න පුළුවන් ද? එයින් ගොඩක් ප්‍රශ්න වැඩිවෙන නිසා තත්ත්වය කළමනාකරණය තවත් අසීරු වෙනවා.”

“මේකෙන් මම හමාස් සංවිධානයට හෝ හිස්බුල්ලා සංවිධානයට සහයෝගය දක්වනවා කියන එක නෙවෙයි කියන්නේ. මම එහෙම සහයෝගය දක්වන්නේ නැහැ. නමුත් මේක මෙතැනින් කොතැනට යයිද කියලා බලන්න ඕනේ.

ඊශ්‍රායලයට සහ ඇමරිකා එක්සත් ජනපදයට එකතු විය හැකිද යන්න ප්‍රශ්නයක්. අපට ඊශ්‍රායලය ස්වාධීනව ක්‍රියාත්මක වීම පේනවා. ගාසා තීරය විනාශ වී තිබෙනවා.

පලස්තීනයේ ක්‍රියාත්මක වෙන්නේ අඩක් පමණයි. ලෙබනනයත් එසේමයි, ඔවුන්ගේ ද ක්‍රියාත්මක වෙන්නේ අඩක් පමණයි. විසඳුමකට යනවා නම්, ඒ තුළ රාජ්‍යයන් දෙකක් නොවෙයි, හතරක් තිබිය යුතුයි. සිරියාව ගැනත් හිතන්න වෙනවා. ඒ නිසා පරණ පාරේ යමින් අපට විසඳුම් ලැබෙන්නේ නැහැ. අපිට අලුතින් හිතන්න වෙනවා.”

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද, මහාචාර්ය ජෙෆ්රි ටිල්, ආචාර්ය රාම් මහාදේව යන මහත්වරු ඇතුළු විද්වත් පිරිසක් මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු සහ නාවික හමුදාවේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47