හම්බන්තොටින් උස්සන යතුරුපැදි වැල්ලවායේ දී විකුණන ජාවාරමක තොරතුරැ හෙළිවෙයි

කලක සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් සොරකම්කරන ලද යතුරුපැදි දහයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 42 හා 26 යන වයස්වල පසුවන්නන්.

අම්බලන්තොට මහජන පොළ දිනයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකුගේ යතුරුපැදිය සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලිසියට පසුගිය දා කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මෙහි ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනවරණය කරගෙන ඇත්තේ මෙලෙස සොරාගන්නා යතුරුපැදිවල වර්ණය, චැසි අංක සහ එන්ජින් අංක වෙනස්කර වැල්ලවාය ප්‍රදේශයේ යතුරුපැදි විකිණීමේ ස්ථානයකට ලබාදෙන බවයි.

සැකකරුවන් විසින් එම ස්ථානයට මෙම යතුරුපැදි රුපියල් හතලිස් දහස සහ අසූදහස අතර මිල ගණන්වලට ලබා දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

එම ස්ථානයේ දී අදාළ යතුරුපැදි රුපියල් ලක්ෂයකට වැඩි මුදලකට පුද්ගලයින්ට අලෙවි කරන බවටයි පොලිසිය වැඩිදුරටත් තොරතුරු හෙළිකරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය අම්බලන්තොට පොලිසිය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?