හම්බන්තොටින් උස්සන යතුරුපැදි වැල්ලවායේ දී විකුණන ජාවාරමක තොරතුරැ හෙළිවෙයි

කලක සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් සොරකම්කරන ලද යතුරුපැදි දහයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 42 හා 26 යන වයස්වල පසුවන්නන්.

අම්බලන්තොට මහජන පොළ දිනයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකුගේ යතුරුපැදිය සොරකම් කර ඇති බවට අම්බලන්තොට පොලිසියට පසුගිය දා කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මෙහි ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනවරණය කරගෙන ඇත්තේ මෙලෙස සොරාගන්නා යතුරුපැදිවල වර්ණය, චැසි අංක සහ එන්ජින් අංක වෙනස්කර වැල්ලවාය ප්‍රදේශයේ යතුරුපැදි විකිණීමේ ස්ථානයකට ලබාදෙන බවයි.

සැකකරුවන් විසින් එම ස්ථානයට මෙම යතුරුපැදි රුපියල් හතලිස් දහස සහ අසූදහස අතර මිල ගණන්වලට ලබා දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

එම ස්ථානයේ දී අදාළ යතුරුපැදි රුපියල් ලක්ෂයකට වැඩි මුදලකට පුද්ගලයින්ට අලෙවි කරන බවටයි පොලිසිය වැඩිදුරටත් තොරතුරු හෙළිකරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය අම්බලන්තොට පොලිසිය සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14