හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී දහයියා ප්‍රහානය කළ ලොරි රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
අද (06) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මින්නේරිය මෝල් සංකීර්ණයේ සිට රොටව ප්‍රදේශයට දහයියා ප්‍රවාහනය කළ ලොරි රථයක්.
ලොරියේ පිටුපස රෝදය කැඩී ගොස් රථය මාර්ගය හරහා පෙරළී ඇති අතර, අනතුරත් සමඟ ප්‍රවාහනය කළ දහයියා මාර්ගය පුරා වැටී තිබූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මේ හේතුවෙන් හබරණ – පොළොන්නරු ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනට තරමක් බාධා එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.
අධික බර පැටවීම මත මෙම අනතුර සිදුවන්නට ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ.
අනතුරින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1












