හදිසි අසනීපයකින් රෝහල් ගත කළ දැරියක් ජීවිතක්ෂයට – පහරදීමක් බවට සැක

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (13) හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ දැරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනක දැරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත්වූ දැරියගේ සිරුරේ තැලුම් පාරවල් ඇති බවට වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී ඇති අතර, ඒ අනුව පහරදීම හේතුවෙන් දැරිය මියයන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

මත්තේගොඩ පොලිස් වසමේ මාගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියගේ මව, මිත්තණිය සහ සීයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්තේගොඩ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
15
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03