හදිසියේ රෝහල් ගත කළ පාප් වහන්සේගේ තත්ත්වය ගැන දැනුම්දීමක්

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (14) රෝහල් ගත කෙරුණා.

වතිකානුව පැවසුවේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ අගොස්ටිනෝ ජෙමෙලි රෝහල වෙත ඇතුළත් කළ බවයි.

මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගය වැළඳීම හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර තිබෙනවා.

රෝහල ගත කළ උන්වහන්සේ විශේෂඥ පරීක්ෂණවලට භාජනය වී මේ වනවිට ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

“මූලික පරීක්ෂණවලින් ශ්වසන ආසාදනයක් පෙන්නුම් කරයි. ඔහුගේ සායනික තත්ත්වය ස්ථාවරයි, සුළු උණක් ඇත.” යනුවෙන් සිකුරාදා සවස ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇති වූ මෙම හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉදිරි දින කිහිපය දී සහභාගීවීමට තිබූ වැඩසටහන් කිහිපයක්ම අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 21 දී පෙනහළුවලින් එකක කොටසක් ඉවත් කිරීම ඇතුළුව ඔහුගේ ජීවිත කාලය පුරාම සෞඛ්‍ය ගැටලු රැසකට ඔහු මුහුණ දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?