හදිසියේ අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමේදී ගත් තීරණය මෙන්න

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවම සේවක සංඛ්‍යාව තීරණය කර සේවයට කැඳවීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට බලය පැවරීමේ චක්‍රලේඛය අද (10) නිකුත් කිරීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ පවතින කොරෝනා අවදානම හමුවේ සියලු රාජ්‍ය ආයතනවල ගර්භනී මාතාවන් සේවයට කැඳවීම අත්හිටුවීමද එමගින් බලාත්මක වන බවයි.

අරලියගහ මන්දිරයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවති සාකච්ඡාවකදී එම තීරණ වලට එළඹී බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර රජය මගින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ පෞද්ගලික අංශය තුලද අත්‍යවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් සේවයට කැඳවීමට කටයුතු කළ යුතු බවයි.

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය තුළ හැකිතාක් නිවසේ සිට රාජකාරී කිරීමට පියවර ගන්නා ලෙස එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

මේ අතර, රාජ්‍ය ආයතන සඳහා සේවකයින් කැඳවීම සීමා කලද ඒවායේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ පිළිබදව අප රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන්ගෙන් විමසීමක් කළා.

පවතින තත්ත්වය හමුවේ 50% කටත් අඩු සේවක සංඛ්‍යාවක් වරකට සේවයට කැඳවූවද, ඉන්ධන සැපයීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේද කියා සිටියේ සේවයට කැඳවා ඇති රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ප්‍රමාණවත් කාර්යාල දුම්රිය යොදවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10