AFC Banner
AFC Banner
Empty Ad

හදිසියේම ඉල්ලා අස්වුන අගමැති

ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයෙකු ලෙස දක්වමින් කෙටි පණිවුඩයක් යොමු කල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබි ජොයිස් තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය ඉල්ලා අස්වීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කල බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවත් ඔහු කියාසිටියා.

ඔස්ටේ්‍රලියානු පුවත්පත් කිහිපයක් වාර්තාකරන පරිදි නියෝජ්‍ය අගමැතිවරයා විසින් පසුගිය වසරේදීයි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙත මෙම පණිවුඩය යොමු කර ඇත්තේ.

අගමැතිවරයා කෙරෙහි තමන් තුළ කිසිදු විශ්වාසයක් නැතැයිද නියෝජ්‍ය අගමැතිවරයා මෙහිදී පවසා තිබුණා.

මෙම කෙටි පණිවුඩය සම්බන්ධයෙන් නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ඊයේ දිනයේදී අගමැති ස්කොට් මොරිසන් වෙත කණගාටුව පළකර තිබුණා.

මෙම කෙටි පණිවුඩය තමන් විසින් යොමු නොකර සිටියේ නම් යහපත් බවයි බාර්නබි ජොයිස් පවසා ඇත්තේ.

අගමැති මොරිසන් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය සහ කැබිනට් අමාත්‍යවරයෙකු අතර කෙටි පණිවුඩ හුවමාරුවක් පිළිබඳ ආන්දෝලනාත්මක තත්වයක් පවතින අවස්ථාවකයි මෙම නවතම සිදුවීමද කරළියට පැමිණියේ.

කෙසේවෙතත් නියෝජ්‍ය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තමන් මෙතෙක් පිළිගෙන නොමැති බවයි ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?