හදිසියේම ඉල්ලා අස්වුන අගමැති

ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයෙකු ලෙස දක්වමින් කෙටි පණිවුඩයක් යොමු කල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබි ජොයිස් තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය ඉල්ලා අස්වීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කල බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවත් ඔහු කියාසිටියා.

ඔස්ටේ්‍රලියානු පුවත්පත් කිහිපයක් වාර්තාකරන පරිදි නියෝජ්‍ය අගමැතිවරයා විසින් පසුගිය වසරේදීයි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙත මෙම පණිවුඩය යොමු කර ඇත්තේ.

අගමැතිවරයා කෙරෙහි තමන් තුළ කිසිදු විශ්වාසයක් නැතැයිද නියෝජ්‍ය අගමැතිවරයා මෙහිදී පවසා තිබුණා.

මෙම කෙටි පණිවුඩය සම්බන්ධයෙන් නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ඊයේ දිනයේදී අගමැති ස්කොට් මොරිසන් වෙත කණගාටුව පළකර තිබුණා.

මෙම කෙටි පණිවුඩය තමන් විසින් යොමු නොකර සිටියේ නම් යහපත් බවයි බාර්නබි ජොයිස් පවසා ඇත්තේ.

අගමැති මොරිසන් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය සහ කැබිනට් අමාත්‍යවරයෙකු අතර කෙටි පණිවුඩ හුවමාරුවක් පිළිබඳ ආන්දෝලනාත්මක තත්වයක් පවතින අවස්ථාවකයි මෙම නවතම සිදුවීමද කරළියට පැමිණියේ.

කෙසේවෙතත් නියෝජ්‍ය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තමන් මෙතෙක් පිළිගෙන නොමැති බවයි ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39