හදිස්සියේම නගර 3ක සියලු වෙළෙඳසැල් වසා දමයි

කොවිඩ් අවදානම් තත්ත්වයන් මතුවීම හේතුවෙන් මාතලේ , කන්තලේ සේරුනුවර සහ ඌව පරණගම ලූනුවත්ත යන නගරවල සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.

මාතලේ නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබුණා.

අනතුරුව එම නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම කන්තලේ සේරුනුවර නගරයේ අවමංගල්‍ය උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් හේතුවෙන් දින 14 ක් සඳහා සේරුනුවර නගරයේ වෙළෙඳසැල් ද වසාදැමීමට එම වෙළෙඳ සංගමය පියවර ගෙන තිබෙනවා.

තවද ඌව පරණගම ලූනුවත්ත නගරයේ වෙළෙඳසැල් ද අද (13) සිට දින 3ක කාලයක් සඳහා වසා දැමීමටද පියවර ගෙනගත් බව සඳහන්.

කැකිරාව නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන ,හෝටල් , රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයතන සියල්ල අද (13)සහ හෙට (14) වසා තැබීමට පියවර ගෙන තිබෙනවා..

කැකිරාව ප්‍රදේශයෙන් වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසා , උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රැස්වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන කමිටුව,ඒ ගැන අවධානය යොමුකර එම තත්ත්වය පාලනය කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09