AFC Banner
Empty Ad
Empty Ad

හඬ පරීක්ෂණයක් සඳහා සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

තරග පාවා දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කට හඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අද පෙරවරු 10.30ට පමණයි ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

තරග පාවා දීමේ සිද්ධියට අදාළ හඬ පට තම දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවත් එම හඩ පට සැකකරුගේ කටහඬ හා ගැළපෙන්නේද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමේ නියෝගයක් ලබා දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

එය සැළකිල්ලට ගනිමිනුයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අදාළ නියෝගය ලබා දුන්නේ.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?