සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු සිදු වන්නේ දේශපාලන අධිකාරියේ කැමැත්තට පිටින් – සෞඛ්‍ය ඇමති

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව සිය අමාත්‍යාංශයේ ස්ථිර සැලසුමට අනුව සිදුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවති විශේෂ සමුළුවට එක්වෙමින්.

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්තනයකට; ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වූයේ; සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනයවල පවතින ගැටලු හඳුනාගෙන එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරිමට අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කළා.

එමෙන්ම ඖෂධ සම්බන්ධ ප්‍රධාන ආයතන 04ක් ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයීම පිළිබඳ ව වගකීම භාරගත යුතු බව ද දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත් කිරීමට පියවර ගත යුතු බව ද පැවසූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පහසුකම් සහිත නවීකරණය කරන ලද විද්‍යාගාරයක් ඉදිරි වසර 05 තුළ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?