සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු සිදු වන්නේ දේශපාලන අධිකාරියේ කැමැත්තට පිටින් – සෞඛ්‍ය ඇමති

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව සිය අමාත්‍යාංශයේ ස්ථිර සැලසුමට අනුව සිදුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවති විශේෂ සමුළුවට එක්වෙමින්.

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්තනයකට; ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වූයේ; සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනයවල පවතින ගැටලු හඳුනාගෙන එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරිමට අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කළා.

එමෙන්ම ඖෂධ සම්බන්ධ ප්‍රධාන ආයතන 04ක් ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයීම පිළිබඳ ව වගකීම භාරගත යුතු බව ද දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත් කිරීමට පියවර ගත යුතු බව ද පැවසූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පහසුකම් සහිත නවීකරණය කරන ලද විද්‍යාගාරයක් ඉදිරි වසර 05 තුළ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03