සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතාවය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවයට

වෛද්‍යවරු මෙන්ම සෞඛ්‍ය සේවාවේ අනෙකුත් සෞඛ්‍ය නිලධාරින්ද සුවිශේෂී කාර්යයක නියැලෙන බැවින් එම සේවකයින්ගේ වැටුප් ද ඉහල නැංවිය යුතු බවත් එම දීමනාව ලබාගැනීම සඳහා අද සහ හෙට දිනයන් වලදී සිදුකරන විරෝධතාවලදී මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුවන බවත් එම විරෝධතාවයට එක්වූවන් පවසයි

වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය හැර අනෙකුත් සෞඛ්‍ය සේවාවන්වලට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පවුල් සෞඛ්‍ය නිලධාරිවරියන් ඇතුළු ක්ෂේත්‍ර හතක සෞඛ්‍ය සේවකයින් දීපව්‍යාප්තව ආරම්භ කළ විරෝධතාවයට සමගාමීව අනුරාධපුර සෞඛ්‍ය සේවකයින්ද එම විරෝධතාවයේ නියැලෙනි.

මේ හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණි මහජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති ආකාරය දක්නට තිබේ.

අනුරාධපුර – නෙළුම් කුලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් එම මධ්‍යස්ථානයට පැමිණි දෙමව්පියන් මෙන්ම දරුවන් ද දැඩි දුෂ්කරතාවයට පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?