පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – පළාත් කිහිපයකට අද වැසි

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර, උතුරු පළාතේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල අද (02) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශ වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද දැනුම් දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06