සෞඛ්‍ය වර්ජනය මැද ඉපැදුනු නිවුන්නු

හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් පසුගිය දින කිහිපයේ සිට දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කරමින් සිටියදී තරුණ මවක් අනපේක්ෂිත මොහොතක සිය නිවුන් දරුවන් මෙලොවට බිහි කළාය.

ඒ පස්සර දිසා රෝහලට ඇතුළත් කළ 28 හැවිරිදි ගර්භණී කාන්තාවකි.

ප්‍රසූතියට නියමිත කාලය සම්පූර්ණවීමටත් පෙර සිදුවූ මෙම දරු උපතත් සමග ඒ වනවිට රෝහලේ සිටි සීමිත වෛද්‍ය කණ්ඩායම අභියෝග රැසකටම මුහුණදී තිබුණි.

පස්සර දිසා රෝහලේ නොමේරූ ළඳරු දැඩිසත්කාර ඒකකයක් නොමැති නිසා බිළිඳුන්ගේ ජිවිත අවදානමකට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

“නොමේරු ළදරු එකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය චමිල රත්නායක ගේ දුරකථනට ඇමතුම, පස්සර රෝහලේ දිසා වෛද්‍ය චානක ගන්කන්ද ගෙනි..

ඉන් කියවුනේ 28 හැවිරිදි මවක් සති 28ක නිවුන් දරු උපතක් සිදුකළ බවය

අනපේක්ෂිත සිදුවීමක් වුවත් තමන් සතු නිපුණතාවය සහ වෛද්‍ය සදීෂ සහ හෙද සහ අනෙකුත් කාර්යමණ්ඩලයේ උපකාරයෙන් දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මෙලොවට ගෙන තිබුණි.

බිලිඳුන් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව ඇමතුමේ සටහන් වී තිබුණි.

අනතුර තේරුම් ගත් ඔහු තම සගයා ඇමතීය..

ඒ වෛද්‍ය ගිහාන් හෙට්ටිආරච්චි ය.

ඔහු ක්‍රියාත්මක විය..

නොමේරු ළදරුවන් ප්‍රවාහනයට අවශ්‍ය උපකරණ සහ අනෙකුත් දෑ සුදානම් කරන තෙක් බලා නොසිටි වෛද්‍ය ගිහාන්.. තම පුද්ගලික මෝටර් රථයෙන් බිලිඳුන්ට ශ්වසන පහසුකම් ලබාදීමට අවශ්‍ය උපකරණ රැගෙන කිලෝමීටර් 20කට වඩා දුරක් පියඹන්නට විය.

හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු 9යෙන් 6ක් කොරෝනා නිසා අකර්මණ්‍ය වී සිටී.

එහෙත් ජංගම දුරකථන හරහා සියල්ල කළමනාකරණය කළෙමු..

වෛද්‍ය ගිහාන් ක්‍රියාත්මකය..

ගමන අනතුරුදායකය නමුත් විනාඩි 25ක් වැනි කෙටි කාලයකදී ඔහු පස්සර රෝහලට ළගාවී දරුවන් දෙදෙනාට ශ්වසන උපකරණ සවිකිරීමට සමත් විය..

දැන් බිළිදුන් ආරක්ෂිතය..

මීළග කාර්යය වන්නේ බිළිඳුන් ආරක්ෂිතව බදුල්ල රෝහලට ගෙන ඒමය..

විනාඩි කිහිපයක් තුළ පහසුකම් සහිත ගිලන් රථයක් බදුල්ල රෝහලෙන් පැමිණියේ වෛද්‍ය උදාර, වෛද්‍ය තුසිත සහ හෙද, සහායක කාර්යමණ්ඩලය සමගය..

වහාම ඔවුන් බදුල්ල රෝහලේ නොමේරු ළදරු එකකය වෙත ගෙන එන ලදි..

මේ සියල්ල පසුපසින් සිට සියලුම උපදෙස් ලබාදුන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය සේනක ගුණතිලක මහතා සියලුම කාර්යමණ්ඩලයේ සහයෙන් දරුවන් සුවපත් කිරීමේ කාර්යයේ මේ මොහොතේ පවා යෙදී සිටී..

වර්ජනයක් පවතින මොහොතේ සියල්ල අමතක කොට හෙද කාර්යමණ්ඩලයේ දායකත්වය සුවිශේෂී නොවේ ද???

ඉතින් ගිහාන් මල්ලියේ 
ඇත්තටම…
නුබලා …
කියන්න වචන නැත..
මට දැනෙන්නේ..
ඒක කියන්නත් වචන නැත..
…..මගේ එවුන් එසේය..

බිලිඳුන් සහ මව දැනට නිරුපද්‍රිතව ඇත..
ඒ, කිරුළු නොපළන්…මහපොළොවේ ජීවත්වෙන..
මගේ උන්ගේ කැපවීමය..

………..වෛද්‍ය පාලිත ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02