සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් අද (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ පිළිබඳ ගැටලු, ඖෂධවල ප්‍රමිතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කඩිනමින් සොයා බලා යම් අඩු පාඩු සිදුව ඇත්නම් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙසටයි සාගල රත්නායක මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු කප්පාදුවකින් තොරව රටේ සියලූම ජනතාවට උපරීම සුව සහන ලැබෙන ආකාරයෙන් පවත්වාගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ප්‍රමුඛ අභිලාශය බව ද ඒ මහතා සඳහන් කළා.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමය තුළඳී සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවී ඇති අතර මෙම වසර ආරම්භයේ සිට එම හිඟ මුදල් ක්‍රමානුකූලව පියවීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය විසින් කටයුතු කර තිබෙන බවද මෙහිදී අනාවරණය වුණා.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ වියදම් මූල්‍යනය කිරීම සඳහා ඇති දුෂ්කරතාවයන් සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ජා කොට හැකි උපරීම සහාය ලබාගැනීමටද මෙම සාකච්ජාවේදී තීරණය වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් කවර හෝ රෝගියෙකුට යම් පීඩාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නිදහසට කරුණු ප්‍රකාශ කර සිටීමෙන් වැළකී රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා එහිදී අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?