සෞඛ්‍ය ඇමති නලින්දට එරෙහිව සමඟි ජන බලවේගය නීතිය ඉදිරියට ?

ඉන්දියාවෙන් ආනයනය කළ එන්නත් කිහිපයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කිරීම සහ එම ඖෂධයන්හි ප්‍රමිතිය නිසි මට්ටමේ නොපැවතීම මෙන්ම එම ඖෂධ භාවිතා කළ ඇතැම් රෝගීන්ට අසාත්මිකතා ඇති වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ මෙන්ම සහ සමාජයේ ද කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

ඇතිව තිබෙන මෙම තත්ත්වය පිළිබදව අද (19) පෙරවරුවේ සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙලෙස ආනයනය කළ ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ එන්නත් නිසාවෙන් ජීවිත හානි 02ක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වගකීම භාර ගත යුතු නමුත් අමාත්‍යවරයා මේ වන විට වගකීමෙන් බැහැර වීමට උත්සහ දරන බවයි.

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදෙන බවට කී දේශපාලන සදාචාරයට අනුව නිවැරදිව නම් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසා සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් එලෙස අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමෙන් පසු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පසුබිම මත අදාළ ආයතන සඳහා පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?