සෞඛ්‍ය ඇමති නලින්දට එරෙහිව සමඟි ජන බලවේගය නීතිය ඉදිරියට ?

ඉන්දියාවෙන් ආනයනය කළ එන්නත් කිහිපයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කිරීම සහ එම ඖෂධයන්හි ප්‍රමිතිය නිසි මට්ටමේ නොපැවතීම මෙන්ම එම ඖෂධ භාවිතා කළ ඇතැම් රෝගීන්ට අසාත්මිකතා ඇති වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ මෙන්ම සහ සමාජයේ ද කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

ඇතිව තිබෙන මෙම තත්ත්වය පිළිබදව අද (19) පෙරවරුවේ සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙලෙස ආනයනය කළ ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ එන්නත් නිසාවෙන් ජීවිත හානි 02ක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වගකීම භාර ගත යුතු නමුත් අමාත්‍යවරයා මේ වන විට වගකීමෙන් බැහැර වීමට උත්සහ දරන බවයි.

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදෙන බවට කී දේශපාලන සදාචාරයට අනුව නිවැරදිව නම් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසා සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් එලෙස අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමෙන් පසු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පසුබිම මත අදාළ ආයතන සඳහා පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

  1. කෙහෙළිය බේරගන්න අත් කකුල් සේරම උස්සපු පාදඩ රොත්ත දැන් පට්ට නීතිගරුක වෙලා.. ජනතාව දන්නවා මුන් කවුද කොහොමද කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23