සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබා ගැනීම ඇරඹෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අද අත්සන් ලබා ගැනීම ආරම්භ කළා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ කිහිප දෙනෙකු අත්සන් තබා ඇති බවයි සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් නුදුරේදීම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේදී අනතුරු අඟවනු ලැබුවා.

එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාව තුළ දැඩිව ඖෂධ සහ වෛද්‍ය සැපයුම් හිඟයක් පවතින බවට චෝදනා කළ අතර, පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ රෝහල්වල ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වූ බව ද කියා සිටියා.

සුළු රෝගවලට ඇතුළත් වූ අයට ප්‍රමිතියෙන් තොර බෙහෙත් ලබාදීම හේතුවෙන් මිය ගොස් ඇති අතර මෙම සිදුවීම් ගැන පරීක්‍ෂණ පවත්වා තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීමෙන් මරණ නැවත නැවතත් සිදු වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා නිහඬව සිටින්නේ මන්දැයි ද විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තුවේදී පැවති අදහස් හුවමාරුවකදී විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?