සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබා ගැනීම ඇරඹෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අද අත්සන් ලබා ගැනීම ආරම්භ කළා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ කිහිප දෙනෙකු අත්සන් තබා ඇති බවයි සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් නුදුරේදීම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේදී අනතුරු අඟවනු ලැබුවා.

එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාව තුළ දැඩිව ඖෂධ සහ වෛද්‍ය සැපයුම් හිඟයක් පවතින බවට චෝදනා කළ අතර, පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ රෝහල්වල ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වූ බව ද කියා සිටියා.

සුළු රෝගවලට ඇතුළත් වූ අයට ප්‍රමිතියෙන් තොර බෙහෙත් ලබාදීම හේතුවෙන් මිය ගොස් ඇති අතර මෙම සිදුවීම් ගැන පරීක්‍ෂණ පවත්වා තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීමෙන් මරණ නැවත නැවතත් සිදු වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා නිහඬව සිටින්නේ මන්දැයි ද විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තුවේදී පැවති අදහස් හුවමාරුවකදී විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු.."හැම තැනම ගංජනේ බන්"
01:44
Video thumbnail
බස් රථයක් නිවසක් කඩාගෙන ගිහින් නැවතෙයි"ඔන්න එනවෝ බුදු අම්මෝ කියාගෙන දිව්වේ"
02:48
Video thumbnail
මුන් ආව දවසේ ඉදන් හොරකම් කරනවා ඇඟට පතට නොදැනී..හිල් වෙච්ච Underwear ඇදෙගන මාළිගා ගහනවා
06:31