සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු කරුණු පිළිබඳ පරීක්ෂාවට අනු කමිටු දෙකක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ආශ්‍රිත කරුණු සහ මානව සම්පත් කළමනාකරණය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල්, ආයතන කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය ආශ්‍රීත පද්ධති සම්බන්ධ ගැටළු ඇතුළු වැදගත් කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුවේ අනු කමිටු දෙකක් පත් කිරීම සිදු වුණා.

මෙසේ මෙම අනු කමිටු දෙක පත් කරනු ලැබුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී 2023 ජුනි 23 දින පවත්වන ලද 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් විගණන ඡේද සම්බන්ධයෙන් කාරක සභාවේ දී ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ එදින සාකච්ඡා නොකළ විගණන ඡේද සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට නියමිතව තිබුණා.

නමුත් කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශාල ගැටලු ප්‍රමාණයක් පවතින බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අනු කමිටු දෙකක් පත් කරන බව හෙතෙම පැවසුවා.

එමෙන්ම නොවැම්බර් 07 දින මෙම අනු කමිටු දෙකම කෝපා කමිටුවට කැඳවා එම කමිටුවල නිරීක්ෂණ සහ නිගමනයන් පිළිබඳ පරීක්ෂා කර ඉදිරියේ දී පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අනුව මෙරට ඖෂධ හිඟය සහ ඖෂධ මිලදීගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂාකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කෝපා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක පත් කරන බවත් මෙහි සාමාජිකයින් ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හරිනි අමරසූරිය යන අය පත් කරන බවත් කෝපා කමිටු සභාපතිවරයා පැවසුවා.

එසේම දෙවැනි අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී (මේජර්) ප්‍රදීප් උදුගොඩගේ සභාපතිත්වයෙන් පත් කරන බවත් එහි සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩන්ගොඩ, විමලවීර දිසානායක, මංජුලා දිසානායක, වීරසුමන වීරසිංහ සහ මුදිතා ප්‍රිශාන්ති යන අය පත් කරන බව කෝපා කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියා.

එසේම මෙම අනු කමිටු දෙක සඳහා කෝපා කමිටුවේ ඹ්නෑම සාමාජික මන්ත්‍රීවරයෙකුට සම්බන්ධවිය හැකි බව කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය සතුව විශාල වශයෙන් අක්‍රමිකතාවයන් සහ දුර්වලතාවයන් පෙනී යන බවත් එම නිසා මෙම අනු කමිටු පතිකිරීම සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවා.

එමෙන්ම මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සතු අනුමත සේවක සංඛ්‍යාව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මේ සම්බන්ධයෙන් පැමිණ සිටි නිලධාරීන් ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව කෝපා කමිටුව පෙන්වා දුන්නා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු දත්ත පද්ධතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීම සිදු වූ අතර, මේ සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ ද නිලධාරීන් සම්බන්ධ වුණා.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙහිදී ඉදිරිපත් කිරීම් (Presentation) දෙකක් ද කාරක සභාව හමුවේ සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36