සෝල් අගනුවර ඛේදවාචකය සම්බන්ධයෙන් ජනපති ශෝකය පළ කරයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට රජය වෙත ශෝකය පළ කර තිබෙනවා.

අදාළ සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් දකුණු කොරියාවට සිය ශෝකය පළ කර ඇති බව වාර්තා වනවා.

අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති බව සඳහන්.

සෝල් අගනුවර පැවැති හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් පුද්ගලයන් 153 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 82ක් තුවාල ලැබුවා.

ඒ, අතර විදේශිකයින් 19 දෙනෙකු ද සිටින අතර, 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ද එම පිරිස අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?