සෝල් අගනුවර ඛේදවාචකය සම්බන්ධයෙන් ජනපති ශෝකය පළ කරයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට රජය වෙත ශෝකය පළ කර තිබෙනවා.

අදාළ සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් දකුණු කොරියාවට සිය ශෝකය පළ කර ඇති බව වාර්තා වනවා.

අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති බව සඳහන්.

සෝල් අගනුවර පැවැති හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් පුද්ගලයන් 153 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 82ක් තුවාල ලැබුවා.

ඒ, අතර විදේශිකයින් 19 දෙනෙකු ද සිටින අතර, 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ද එම පිරිස අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51