සොරකමක් සිදුකළ බාලවයස්කරුවන් දෙදෙනා වාහනයක ගැට ගසා මාර්ගයේ ඇදගෙන ගිහින්

සොරකමක් සිදු කිරීම සම්බන්ධයෙන් බාලවයස්කාර ළමුන් දෙදෙනෙක් වාහනයක ලණුවකින් ගැට ගසා මාර්ගයේ ඇදගෙන ගිය සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඉන්දෝර්හි චොයිත්‍රම් එළවළු වෙළඳපොලේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙම බාල වයස්කරුවන් දෙදෙනා පුද්ගලයෙකුගෙන් ඉන්දීය රුපියල් 10,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොරාගෙන පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.

බාල වයස්කරුවන් දෙදෙනා එළවළු ව්‍යාපාරිකයෙකුගෙන් මෙම සොරකම සිදුකර ඇති අතර, මොවුන් දෙදෙනා වයස අවුරුදු 13 සහ 17 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

එළවළු ව්‍යාපාරිකයා සිය ලොරි රථයේ නිදා සිටියදී පිරිමි ළමයින් දෙදෙනා මෙලෙස මුදල් සහ ජංගම දුරකථනය සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සොරකම සිදුකර පළායාමට තැත්කළ මොවුන් දෙදෙනා වෙළඳපොලේ රැඳී සිටි පිරිස විසින් අල්ලාගෙන පහර දී, වාහනයක ගැට ගසා පාරේ ඇදගෙන ගොස් ඇති බවයි එරට පොලිසිය සඳහන් කළේ.

බාල වයස්කරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාට සහ තවත් තිදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28