සේවය ස්ථීර කරන රාජ්‍ය සේවකයින් 35,000ක පිරිසක් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, අනුව දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවත්, NVQ සුදුසුකම් සපුරා තිබීම මත, ඊට සමානව ස්ථිර කිරීම් සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සාමාන්‍ය පෙළ සුදුසුකම් නොමැති තරුණ තරුණියන් මීට වසර 02 කට පෙර මෙසේ බඳවා ගත් බවත්, පසුව මෙම 35,000 පිරිසගේ ප්‍රශ්නය විසඳීමට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවක් පිහිටුවූ බවත් කී අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගෙන් දැනට සිටින අති මහත් බහුතරය සුදුසුකම් මත ස්ථිර කිරීමට දැනට ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?