සේවය ස්ථීර කරන රාජ්‍ය සේවකයින් 35,000ක පිරිසක් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, අනුව දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවත්, NVQ සුදුසුකම් සපුරා තිබීම මත, ඊට සමානව ස්ථිර කිරීම් සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සාමාන්‍ය පෙළ සුදුසුකම් නොමැති තරුණ තරුණියන් මීට වසර 02 කට පෙර මෙසේ බඳවා ගත් බවත්, පසුව මෙම 35,000 පිරිසගේ ප්‍රශ්නය විසඳීමට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවක් පිහිටුවූ බවත් කී අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගෙන් දැනට සිටින අති මහත් බහුතරය සුදුසුකම් මත ස්ථිර කිරීමට දැනට ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23