සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමූ පුද්ගලයෙකුට වැඩ වැරදුණු හැටි

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනය කර කොල්ලකෑමට තැත් කළ බව කියන පුද්ගලයකු වත්තල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

අත්අඩංගුවට ගත සැකකරු සමඟ ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයක්, සෙල්ලම් පිස්තෝලය සහ ව්‍යාජ අංක තහඩු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාර පුද්ගලයා ඊයේ (29) දින ජාඇල ප්‍රදේශයේ නිවසක් අසළට ගොස් එහි සිටි පිරිස සමඟ බහින් බස්වී අනතුරුව සෙල්ලම් පිස්තෝලය රැගෙන නිවසක් වෙත ගොස් මෙලෙස තර්ජනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?