සුළු පියාගේ පිහි පහරට බිළි වූ පුංචි ‘සදෙව්’ අද අවසන් ගමන් යයි (ඡායාරූප)

කොස්මෝදර පොලිස් වසමේ වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවෙසක ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට එල්ල කළ පිහි පහරකට මැදිව ජීවිතක්ෂයට පත් වූ 10 හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (31) සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයා පෙරේදා (29) මොරවක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි කොස්මෝදර පොලිසිය පැවසුවේ.

ස්වාමිපුරුෂයා පසුගිය (27) වනදා රාත්‍රියේ බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු ඇයගේ යතුරුපැදියට හානි කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව බිරිඳ සිය දරුවන් දෙදෙනා සමඟ යතුරුපැදියෙන් කොස්මෝදර පොලිසියට පැමිණිලි කිරීමට ගොස් ඇති අතර, ඊට පෙර නිවසෙන් පිටව ගොස් ඇති ස්වාමිපුරුෂයා අසළ තේ ඉඩමක සැඟව සිට මඟ හරස්කරමින් බිරිඳ පැමිණි යතුරුපැදිය නතරකර තිබෙනවා.

එම අවස්ථවේ සැකකාර ස්වාමිපුරුෂයා විසින් බිරිඳ ඉලක්කරගෙන පිහි පහරක් එල්ල කර ඇති අතර, ඒ අවස්ථාවේ එම පිහි පහර යතුරුපැදියේ ඉදිරියේ සිටි ඇගේ දරුවාගේ හිසට වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම දරුවා ඉකුත්දා 28 වනදා උදෑසන මිය ගොස් තිබෙනවා.

10 හැවිරිදි දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් දරුවාගේ සුළු පියා වන 44 හැවිරිදි සැකකරු කොස්මෝදර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක වාදන සහ ගායන ශිල්පියකු ලෙසින් කටයුතු කළ අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු මීට පෙර විවාහ දෙකක් සිදුකර ගත් දෙදරු පියකු වන අතර, බිරිඳ ද මීට පෙර විවාහ දෙකක් කර ගෙන දික්කසාද වී සැකකරු සමඟ මීට මාස අටකට පෙර විවාහ වී ඇති බව සඳහන්.

සැකකරු විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ බිරිඳගේ දෙවන විවාහයේ දරුවකු බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් සදෙව් මෙත්සරට අවසන් ගෞරව දැක්වීමට ඔහු ඉගෙනුම ලැබූ මොරවක වැලිව බෞද්ධ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ඊයේ (30) පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59
Video thumbnail
පාස්කුවට සම්බන්ධ කාත් එක්කවත් අපිට ඩීල් නෑ
02:46
Video thumbnail
රට ආපස්සට යනවා - අපි කබලෙන් ලිපට වැටුණා
04:01
Video thumbnail
ප්‍රසාද් සර්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
05:11
Video thumbnail
සිස්ටම් චේන්ජ් කරන්න ගිහින් ලොකු හොරුන්ට රට භාරදීලා තියෙන්නේ
09:55
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31