spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුළු පියාගේ පිහි පහරට බිළි වූ පුංචි ‘සදෙව්’ අද අවසන් ගමන් යයි (ඡායාරූප)

කොස්මෝදර පොලිස් වසමේ වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවෙසක ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳට එල්ල කළ පිහි පහරකට මැදිව ජීවිතක්ෂයට පත් වූ 10 හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (31) සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයා පෙරේදා (29) මොරවක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි කොස්මෝදර පොලිසිය පැවසුවේ.

ස්වාමිපුරුෂයා පසුගිය (27) වනදා රාත්‍රියේ බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලකින් පසු ඇයගේ යතුරුපැදියට හානි කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව බිරිඳ සිය දරුවන් දෙදෙනා සමඟ යතුරුපැදියෙන් කොස්මෝදර පොලිසියට පැමිණිලි කිරීමට ගොස් ඇති අතර, ඊට පෙර නිවසෙන් පිටව ගොස් ඇති ස්වාමිපුරුෂයා අසළ තේ ඉඩමක සැඟව සිට මඟ හරස්කරමින් බිරිඳ පැමිණි යතුරුපැදිය නතරකර තිබෙනවා.

එම අවස්ථවේ සැකකාර ස්වාමිපුරුෂයා විසින් බිරිඳ ඉලක්කරගෙන පිහි පහරක් එල්ල කර ඇති අතර, ඒ අවස්ථාවේ එම පිහි පහර යතුරුපැදියේ ඉදිරියේ සිටි ඇගේ දරුවාගේ හිසට වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම දරුවා ඉකුත්දා 28 වනදා උදෑසන මිය ගොස් තිබෙනවා.

10 හැවිරිදි දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් දරුවාගේ සුළු පියා වන 44 හැවිරිදි සැකකරු කොස්මෝදර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක වාදන සහ ගායන ශිල්පියකු ලෙසින් කටයුතු කළ අයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු මීට පෙර විවාහ දෙකක් සිදුකර ගත් දෙදරු පියකු වන අතර, බිරිඳ ද මීට පෙර විවාහ දෙකක් කර ගෙන දික්කසාද වී සැකකරු සමඟ මීට මාස අටකට පෙර විවාහ වී ඇති බව සඳහන්.

සැකකරු විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ බිරිඳගේ දෙවන විවාහයේ දරුවකු බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් සදෙව් මෙත්සරට අවසන් ගෞරව දැක්වීමට ඔහු ඉගෙනුම ලැබූ මොරවක වැලිව බෞද්ධ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ඊයේ (30) පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?