සුළි කුණාටුවක අවදානමක් නැහැ – අද දිනයේ උපරිම වර්ෂාපතනයක්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසනවා.

කෙසේ ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම මත අද (09) දිනයේ දී දිවයින තුළ උපරිම වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

එමෙන්ම හෙට (10) දිනයේ දී එම තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පස්වරු 5.30ත් රාත්‍රී 11.30 අතර කාලය තුළ දී දිවයිනට ඇතුළු විය හැකි බවයි ඔහු පැවසුවේ.

මෙම ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ආසන්න ප්‍රදේශයකින් දිවයිනට ඇතුළුවන බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ ඊයේ බලාපොරොත්තු වූ තරම් වර්ෂාපතනයක් නොලැබෙන බවයි සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?