සුළි කුණාටුවක අවදානමක් නැහැ – අද දිනයේ උපරිම වර්ෂාපතනයක්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසනවා.

කෙසේ ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම මත අද (09) දිනයේ දී දිවයින තුළ උපරිම වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

එමෙන්ම හෙට (10) දිනයේ දී එම තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පස්වරු 5.30ත් රාත්‍රී 11.30 අතර කාලය තුළ දී දිවයිනට ඇතුළු විය හැකි බවයි ඔහු පැවසුවේ.

මෙම ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ආසන්න ප්‍රදේශයකින් දිවයිනට ඇතුළුවන බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ ඊයේ බලාපොරොත්තු වූ තරම් වර්ෂාපතනයක් නොලැබෙන බවයි සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56