පළමු කාර්තුවේ දී ඉලක්කගත ආදායම ඉක්මවා ගිය සුරාබදු ආදායමක්

2026 වසරේ පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු ඉලක්කගත අදායම ඉක්මවා ගොස් ආදායමක් උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.ප්‍රේමරත්න පවසනවා.

ඒ අනුව වසරේ පළමු කාර්තුව සඳහා ඉලක්කගත් අදායම වූ රුපියල් මිලියන 60.85 ඉක්මවා ගොස් රුපියල් මිලියන 70.45ක් උපයා ගැනීම හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එය ප්‍රතිශතයක් ලෙස 115.8% ඉලක්කගත අදායම උපයා ගැනීමක් බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.