spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුවසැරිය කරගෙන යන්න කෝටි 22 ක් අවශ්‍යයි

දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාමට අසීරු වී ඇති බව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සුවසැරිය වෙනුවෙන් කෝටි 22 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ අලුත්වැඩියා කිරීමටවත් මුදල් නොමැති බව එතුමා පැවසුවා.

සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවත්, වෙළඳපොලේ වාහන උපාංග හිඟයක් පැවතීම අදාල ගිලන් රථ අලුත්වැඩියා කටයුතු සඳහා බලපානවා විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එහිදී අදහස් දක්වමින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?