ශ්‍රී පාද උඩමළුවෙන් පැන අතුරුදන්ව සිට හමුවූ තරුණයා මස්කෙළිය රෝහලෙන් ග්ලැන්කන් රෝහලට (වීඩියෝ)

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන පසුගිය 19 වනදා අතුරුදන් වූ තරුණයා ඊයේ (24) පස්වරුවේ සොයාගත්තා.

ඒ, නල්ලතන්නිය පොලිස් වසමට අයත් රාජමලේ තේ වතුයායේ දීයි.

එලෙස සොයාගත් තරුණයා මස්කෙළිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහු වැඩිදුර ප්‍රථිකාර සඳහා ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි අද (25) උදෑසනවන විට දැනගන්නට ලැබුණේ.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂ් හේමන්ත නැමැති 33 හැවිරිදි මෙම තරුණයා තවත් කාන්වතාවන් දෙදෙනෙක් ද සමඟ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදය වැඳපුදා ගැනීමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එලෙස ශ්‍රී පාද උඩමළුවට ගොස් ඇති මෙම තරුණයා පසුගිය 19 වනදා එහි ආරක්ෂක වැටකින් පහළට පැන අතුරුදන්ව ඇති බව පවසමින් ඔහු සමඟ පැමිණි කාන්තාවන් රත්නපුර මාර්ගයේ සිරිපාගම පොලිසියට පැමිණිලි කර තිබුණා.

මේ අතර අදාළ තරුණයා ආරක්ෂකවටෙන් පහළට පනින ආකාරය ද අසළ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

පසුව ඔහු සොයා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර, පසුව දින තුනක් ක්‍රියාත්මක කළ එම මෙහෙයුම් නවතා දමන්නට පසුගිය දා කටයුතු කළා.

එවැනි තත්ත්වයක දී අතුරුදන් වූ අදාළ තරුණයා මරේ තේවතුයායට අයත්, රාජමාලයේ කොටසේ රැඳී සිටිය දී වතුකම්කරුවන් පිරිසක් විසින් දැක ඒ පිළිබඳව නල්ලතන්නිය පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව නල්ලතන්නිය පොලිසියේනිලධාරී කණ්ඩායමක් වහා රාජමලේ තේවත්තට ගොස් මෙම තරුණයාව රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14