සුරූපී විදෙස් කතුන් පහක් යොදාගෙන කෙරූ අමුතු පහේ වෙළදාම

සම්භාහන මධ්‍යස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙක් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රි අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින 41 හැවිරිදි එම පුද්ගලයා දීර්ඝ කාලයත් තිස්සසේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව කී පොලිසිය එම සුරූපි ඉන්දුනිසියානු කාන්තාවන් රුපියල් 25,000 ක් වැනි ඉහළ මිලට ගණිකා වෘත්තියේ යොදවා ඇති බව ද සඳහන් කළේය.

එම ඉන්දුනීසියානු කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඔහු භාරයේ තබාගෙන ජාවාරම කරගෙන ගොස් ඇති බව කී පොලිසිය පැවසුවේ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ගල්කිස්ස ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වැටලීමෙන් පසුව එම කාන්තාවන් පිළිබඳව හෙළි වී ඇති බවත්ය.

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාම වැටලීමේ විශේෂ කාර්ය සාධක බලකාය මෙම කාන්තාවන් පිළිබඳව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රි අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. එම්. සමරකෝන් මහතාගේ උපදෙස් අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුගත් සමරසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම වමර්ශනය ක්‍රියාත්මක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19