සුරාබදු පනතට පටහැනිව බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු සෙසු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්තමානයේ අවිධිමත් ආකාරයට නීතියට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බව චෝදනා කළා.

ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.

ඒ අනුව සුරාබදු පනතේ හා රෙගුලාසිවල සඳහන් ප්‍රතිපාදන අභිබවා ගොස් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?