සුපිරි නිවසකදී සුරූපී නර්තන ශිල්පිනියක මරුට

ලණුවකින් ගෙල වැලලාගෙන මිය ගිය බව කියන සුරූපී නර්තන ශිල්පිනියකගේ මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් තිබුණේ අඹගස්වැව, හිරියාල, තරණගොල්ල පදිංචිව සිටි අභයකෝන් මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරි හේරත් නමැති 28 හැවිරිදි රූමත් කාන්තාවකි.

මහරගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක කාමරයක ගෙල වැලලාගෙන සිටියදී, ලණුවෙන් ඇය මුදාගෙන පුද්ගලයකු විසින් රෝහලට රැගෙන ගිය බවට පෙරේදා (12 වැනිදා) රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය කීවේය. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා වහා එම නිවාස සංකීර්ණයට ගොස් විමර්ශන ආරම්භ කර, නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද කැඳවා විශේෂඥ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට රැගෙන ගිය පුද්ගලයා එම රෝහල් පරිශ්‍රයේ සිටියදී එම නිවාස සංකීර්ණය වෙත රැගෙන විත් ඇති අතර, රෝහලට රැගෙන යන විටත් ඇය මිය ගොස් සිටි බව එම පුද්ගලයා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන්ය.

නිකවැරටිය, මිල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම පුද්ගලයා ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නකු බවත්, ඔහු දරුවන් තිදෙනකු සිටින විවාහකයකු බවත් පොලිසිය කීවේය.

ඔහු මියගිය කාන්තාව සමග මීට මාස දහයකට පමණ පෙර සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර, එකී කාලයේ සිට මාසිකව රුපියල් තිස්දහසක කුලී මුදලකට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන එම කාන්තාව එහි පදිංචිකරවා තිබූ බවත් දින කිහිපයකට වරක් ඔහු එම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ බවත් පොලිසිය පැවසීය.

මියගිය කාන්තාව ද දික්කසාද වූ තැනැත්තියක බවත් මීට වසර පහකට පෙර ඇය සිය ගම් ප්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරත ව සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44