සුප්‍රසිද්ධ සංගීතඥ John Mayall දිවි ගමනට සමුදෙයි

සුප්‍රසිද්ධ රොක් ගායන ශිල්පියෙකු වන එම සංගීත ආරයේ ගීත ගණනාවක රචකයෙකු ද වන බ්‍රිතාන්‍ය ජාතික John Mayall අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය බ්ලූස් (British blues) සහ රොක් සංගීත සම්ප්‍රදායන්හි ගීත රචකයෙක්, නිෂ්පාදකයෙක් ලෙසයි මෙම චරිතය ලෝක ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ.

වර්ෂ 1933 නොවැම්බර් මස 29 වැනි දින මහා බ්‍රිතාන්‍යයේ මැක්ලර්ස්ෆීල්ඩ් හි දී මෙම සංගීතවේදියා උපත ලැබුවා.

ඔහු මිය යනවිට 90 හැවිරිදි වියෙහි පසු වුණා.

පසුගියදා (22) මායල් සිය නිවසේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයින් නිවේදනය කළේ.

ජෝන් මායල් 1960 දශකයේ දී ලෝක ප්‍රසිද්ධියට පත් වූ ‘Bluesbreakers’ සංගීත කණ්ඩායම ආරම්භ කළා.

බ්‍රිතාන්‍යයේ සංගීතඥයන් අතර ‘බ්ලූස්’ ප්‍රවර්ධනය කිරීමට පුරෝගාමී වූවන් අතර ජෝන් මායල් ඉදිරියෙන් සිටින්නෙකු ලෙසට ද ප්‍රසිද්ධියක් උසුලනවා.

ලෝක සංගීත කලාව තුළ මායල් ව හඳුන්වන්නේ “godfather of British blues” යන පාඨයෙන්.

ගායකයෙකු, ගිටාර් වාදකයෙකු සහ කීබෝඩ් වාදකයෙකු වූ ඔහුට දශක හතකට ආසන්න කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් හිමි තැනැත්තෙකු ලෙස ද බ්‍රිතාන්‍යයේ සංගීත ක්ෂේත්‍රයට අයත් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08