සුප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක නොගෙවූ බදු ගැන අධිකරණයෙන් නියෝගයක්

සුප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක නොගෙවා පැහැර හරින ලදැයි කියන රුපියල් කෝටි පහකට අධික බදු මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ජූලි 29 වැනිදා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (10) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එම සමාගමේ අධ්‍යක්ෂකවරයකු වශයෙන් සිටියදී මිය ගිය ලලිත් කොතලාවල, සිසිලියා කොතලාවල කාවන් පෙරේරා ඇතුළු අධ්‍යක්ෂකවරුන් අට දෙනකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩු තුනක් අද කැඳවීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග සිදුකළා.

2002 වසරේ සිට 2009 වසර දක්වා නොගෙවා පැහැර හැරින ලද වැට් බද්ද වන රුපියල් 16,966,816.83 ක්, ජාතිය ගොඩනැගීමේ බදු වන රුපියල් 38,679,770.80 ද 2018 වසර සඳහා නොගෙවා පැහැර හැර ඇති රුපියල් 2,242 ,097ක වැට් බදු මුදල් අයකර ගැනීම සඳහා මෙම නඩු තුන 2021 වසරේ දී පවරා තිබුණා.

නඩුව කැඳවු අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ මොහොමඩ් ආදමලී මහතා කරුණු දක්වමින් අදාළ සමාගම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය ප්‍රකාරව සමාගමේ වත්කම්වලින් වගකීම් ඉටුකිරීමට දැනුම් දී ඇති බව ප්‍රකාශ කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව මෙම නඩුව සම්බන්ධයෙන් දේශීය ආදායම් කාර්යාලය තීරණයක් ගත යුතු බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කෙරුණා.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා අදාළ උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පැවසුවා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ ස්ථාවරය ජූලි 29 වැනිදා අධිකරණයට දැනුම්දීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මෙම නඩු එදින යළි කැඳවීමට ද දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
12
+1
2
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47