සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමේ සිටි අයියා – මලෝ මාරක අනතුරකින් අවසන් ගමන් යයි

සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන ලිවර්පූල් හි ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (Diogo Jota) සහ ඔහුගේ සහෝදරයා වන පෘතුගාල පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ඇන්ඩෘ ද සිල්වා (Andre Silva) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කරන්නේ 28 හැවිරිදි වියෙහි පසු වූ මෙම තරුණ ක්‍රීඩකයින් දෙපොළ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ, ස්පාඤ්ඤයේ සැමෝරා ප්‍රාන්තයේ සිදු වූ මෝටර් රථ අනතුරකදී බවයි.

එරට වේලාවෙන් අද (03) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් මියගිය ජෝටාගේ සහෝදරයා වන ඇන්ඩෘ ජීවිතක්ෂයට පත් වන විට පසුවූයේ 26 හැවිරිදි වියෙහියි.

මෙම ක්‍රීඩකයින් දෙපොළ ගමන් කරමින් සිටි ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේ දී සිය වාහනයේ ටයරයක් පුපුරා ගොස් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් තිබෙනවා.

ඉන්පසුව එය ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඩියෝගෝ විවාහ දිවියට පත්ව ගත ව ඇත්තේ ද හරියට ම දින 08ක් පමණයි.

ඔහු ජුනි මස 22 වැනි දින විවාහ දිවියට පත් වන්නේ රූට් කාර්ඩෝසෝ සමගින් බවත් පැවසෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය ඔහු මිය යාමට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවයි.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට බෙහෙවින් දායක වූ අතර, ජුනි මාසයේ පැවති නේෂන්ස් ලීගයේ අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤය පරාජය කරමින් පෘතුගාලය වෙනුවෙන් ද ක්‍රීඩා කළා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඩියෝගෝ ජාත්‍යන්තර තරග 50කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති විශිෂ්ට ක්‍රීඩකයෙකු බවයි.

ජාත්‍යන්තර පිටියේ දී, ජෝටා පෘතුගාලය වෙනුවෙන් තරග 49 කදී ගෝල 14 ක් රැස් කළා.

රසිකයන් ඇන්ෆීල්ඩ් පිටත රැස්වී හිල්ස්බරෝ අනුස්මරණයේ දී ඩියෝගෝ ජෝටාට මල් කලඹක් තබා අවසන් ගෞරව දැක්වීමට පටන්ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
22
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?