AFC Banner
Empty Ad
Empty Ad

සුනඛයෙකුට වද දී මරා දැමූ අයෙක් ෆේස්බුක් වීඩියෝවෙන් අල්ලයි

සුනඛයෙක් තම යතුරුපැදියේ බැඳ කිලෝමීටර් ගණනක් ඇදගෙන ගොස් මරා දැමූ පුද්ගලයෙක් ඉන්දියාවේ ගෝවාහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කර්නාටක ප්‍රාන්තයේ බෙල්ගාම් හි පදිංචිව සිටි අශෝක් පන්හල්කාර් නැමැති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කුරිරු ක්‍රියාව දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ සැකකාර පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පෙරේදා (04) දින මෙම පුද්ගලයා විසින් සුනඛයා තම යතුරුපැදියේ ගැටගසා බොහෝ දුරක් ඇදගෙන ගොස් මරණයට පත් කිරීමෙන් පසු සත්වයාගේ සිරුර පාර අයිනේ දමා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයාට එරෙහිව සත්ව හිංසනය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
33
+1
4
+1
2
+1
21
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?