සුනඛයෙකුට වද දී මරා දැමූ අයෙක් ෆේස්බුක් වීඩියෝවෙන් අල්ලයි

සුනඛයෙක් තම යතුරුපැදියේ බැඳ කිලෝමීටර් ගණනක් ඇදගෙන ගොස් මරා දැමූ පුද්ගලයෙක් ඉන්දියාවේ ගෝවාහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කර්නාටක ප්‍රාන්තයේ බෙල්ගාම් හි පදිංචිව සිටි අශෝක් පන්හල්කාර් නැමැති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කුරිරු ක්‍රියාව දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ සැකකාර පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පෙරේදා (04) දින මෙම පුද්ගලයා විසින් සුනඛයා තම යතුරුපැදියේ ගැටගසා බොහෝ දුරක් ඇදගෙන ගොස් මරණයට පත් කිරීමෙන් පසු සත්වයාගේ සිරුර පාර අයිනේ දමා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයාට එරෙහිව සත්ව හිංසනය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

  1. අනේ පව් අහිංසක සතා.. අත් අඩංගුවට ගෙන ඕකවත් මරා දාන්න. ආයෙ ඕවගෙ අපරාධ නොකරන්න දඩුවම් දෙන්න. සත්ව හිංසනය වහාම නවත්වන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49