“සුදු කොඩිය ඔසවන්න” – පාප් වහන්සේගේ ඉල්ලීමට යුක්‍රේනයෙන් සැර පිළිතුරක්

රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට “සුදු කොඩිය එසවීමට ධෛර්යය ඇති කර ගන්නා ලෙස” ඇති උතුම් ෆ්රැන්සිස් පාප් වහන්සේ කළ ඉල්ලීම යුක්‍රේනය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“අපගේ ධජය කහ සහ නිල් එකක්. අපි ජීවත් වන, මැරෙන සහ පවතින ධජය මෙයයි. අපි කිසි විටෙකත් වෙනත් කොඩි ඔසවන්නේ නැත යනුවෙන් යුක්‍රේනය විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වතිකානු ප්‍රකාශකයෙක් පැවසුවේ පාප් වහන්සේ කතා කරන්නේ යටත් වීම නොව සාකච්ඡා මාර්ගයෙන් සටන් නැවැත්වීම ගැන බවයි.

මේ අතර පාප් වහන්සේගේ මෙම ප්‍රකාශයත් සමඟ පෝලන්ත විදේශ අමාත්‍යවරයා විමසා සිටියේ සමබරතාවය සඳහා පාප් වහන්සේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට යුක්‍රේනයෙන් රුසියානු හමුදා ඉවත්කර ගැනීමට දිරිගන්වන්නේ ද යන්නයි.

පාප් වහන්සේ සිදුකළ මෙම ඉල්ලීමත් සමඟ යුක්‍රේන ග්‍රීක කතෝලික පල්ලියේ ප්‍රධානියා ඇතුළු පිරිසට සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට යුක්‍රේනියානුවන්ගෙන් ද දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

වසර දෙකකට ආසන්න කාලයක සිට උද්ගතව රුසියානු – යුක්‍රේනය යුද්ධයෙන් යුක්‍රේනයට සැලකිය යුතු හානියක් මේ වනවිට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47