Empty Ad
AFC Banner
Empty Ad

සුදුවෙන්න ගාන බාල ක්‍රීම්, ආලේපන සොයා පාරිභෝගික කටයුතු නිලධාරීන් පිටකොටුව පීරයි (වීඩියෝ)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (21) පිටකොටුව ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් හදිසි වැටලීමකට ලක් කළා.

එහිදී සම පැහැපත් කරන ක්‍රීම්වර්ග, ආලේපන වර්ග, සුවඳ විලවුන්, සබන්, හිස කෙස් වර්ණක පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා.

මෙම පරික්ෂා කිරීම්වල දී ආනයනකරුගේ නම සඳහන් නොමැති ගුණාත්මක බවෙන් අඩු රූපලාවන්‍ය ද්‍රව්‍ය එම නිලධාරීන් භාරය ගැනීමටයි කටයුතු කළේ.

එලෙස ආනයනකරුවන්ගේ නම සඳහන් නොමැති රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන්ට තරයේ අවවාද කිරීමටයි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම අවස්ථාවේ කටයුතු කරනු ලැබුවේ.

එමෙන්ම එම වෙළඳුන්ට එරෙහිව අලුත්කඩේ අධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල් තිලකරත්න බණ්ඩා පැවසුවේ මෙවැනි ආකාරයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම් දී කාන්තාවන් ඉතා සැළකිලිමත් විය යුතු බවයි.

මෙවැනි නිෂ්පාදන තුළ බැර ලෝහ වර්ග ඇතුළත් වීමට හැකි බවත්, ඒ තුළින් සමට ඉතා අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?