පිළියන්දල, මොරටුව මාර්ගයේ සුවාරපොළ පදික මාරුවක් මත දී ඊයේ (17) පෙරවරුවේ යතුරුපැදියක ගැටීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කලුබෝවිල රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇති අතර පසුව අසාධ්‍ය තත්තත්වයේ පසු වූ ඇය කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.
යතුරුපැදිකරු සිය මිතුරෙකුගෙන් ඉල්ලා ගත් යතුරුපැදියක තවත් මිතුරෙකු නංවාගෙන කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි ATM යන්ත්‍රයකට යන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අද (18) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




