සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

සංචාරකයින් 1,800ට අධික පිරිසක් රැගත් ‘ප්‍රින්සස් කෘෘස්’ සුඛෝපභෝගී මගී නෞකාව අද (11) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා.

සංචාරකයින් 1,894 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 906 දෙනෙකු සමඟ මෙම නෞකාවේ දීර්ඝ මුහුදු ගමනක නිරත වනවා.

කොළඹ වරායට සේන්දු ‘ප්‍රින්සස් කෘෘස්’ සුඛෝපභෝගී මගී නෞකාවේ පැමිණි මගීන්ගෙන් මගීන් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස ඇති අතර, ඔවුන් මහනුවර, පින්නවල, මීගමුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

තායිලන්තයේ සිට පැමිණ මෙම නෞකාව අද (11) රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බවයි වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර මාර්තු මස පළමු වන සතියේ විදෙස් සංචාරකයින් 25,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?