සීනි හිඟය ගැන වෙළෙඳ ඇමති විශේෂ සාකච්ඡාවක

වෙළෙඳපොලේ පවතින සීනි හිඟය සම්බන්ධයෙන් සීනි ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, රට පුරා දැවැන්ත සීනි හිඟයක් නිර්මාණය වී ඇති පසුබිමකයි.

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ නැංවීමට රජය පසුගියදා කටයුතු කළා.

ඒ සමගම වෙළෙඳපොලේ පැවති සීනි තොග මිල ව්‍යාපාරිකයින් විසින් ඉහළ නැංවීමේ සූදානමක් පැවතීම
හේතුවෙන් උපරිම සිල්ලර මිලක් පනවනු ලැබුවා.

ඒ අනුව පසුගිය 03 වැනිදා සිට සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275 ක් සහ දුඹුරු සීනි
කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 330 ක් ලෙසින් පාරිභෝගික අධිකාරිය උපරිම සිල්ලර මිලක් නියම කළා.

උපරිම සිල්ලර මිලක් පැනවීමත් සමගම වෙළෙඳපොළේ දැඩි සීනි හිඟයක් නිර්මාණය වුණා.

ඒ සමගම වෙළෙඳපොළේ හකුරු සඳහා ඇති ඉල්ලුම මේ වනවිට ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

වෙළෙඳපොළේ සීනි හිඟයක් පවතින්නේ බදු ඉහළ නැංවීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 19,000ක් සහ රුපියල්
පනහක නව බදු යටතේ සීනි මෙට්‍රික් ටොන් 12,000 ක් මේ වනවිට රට තුළට ගෙන්වා ඇති පසුබිමකයි.

උපරිම මිල ඉක්මවා සීනි අලෙවි කරන ස්ථාන සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ වනවිට
මෙහෙයුම්ද ආරම්භ කර තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ එම සාකච්ඡාව අද පස්වරුවේ ආරම්භ කෙරුණු
බවයි.

මීට පෙර වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ ආනයනකරුවන් සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී සීනි හිඟයට ලබාදෙන විසඳුම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ ප්‍රමාණවත් තරම් සීනි තොග වෙළඳපොළෙහි
නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?